ඇමරිකාවේ පිටිසර ගම්පියසක “මූලින්ස්” නමින් පව්ලක් ජීවත් වෙනවා. බෝනික්කෝ හදලා විකුනලා තමයි මෙයාලා ජිවිතය ගැටගහ ගන්නේ. ඉතින් මේ මූලින්ස් නෝනටයි මහත්තයටයි පුංචි දුවෙක් ඉන්නවා. එයාගේ නම “ඇනබෙල්”. ඒත් ඔවුන් ඇයට ආදරේට කතා කලේ “බී” කියලා, ඉතින් බී කියන්නේ හුගක් හුරතල්, ලස්සන, අහින්සක කෙලි පැටික්කියක්. ඉතින් මෙයාලා හරිම සතුටින් තමයි කාලය ගත කරන්නේ. එත් එක දවසකින් මේ සතුටින් හිටිය පව්ල කදුළු උල්පතක් කරමින් අවාසනාවන්ත විදිහට අඩු වයසින්ම බී මේ ලෝකේ දාලා යනවා. මූලින්ස් නෝනයි මහත්තයයි හැමදාම ප්‍රාර්ථනා කරනවා තමන් ආදරේ කරපු ඒ කෙලි පැටික්කියව ආපහු වතාවක් දකින්න ලැබෙන්න කියලා.
දේවල් ටිකෙන් ටික වෙනස් වෙනවා. බී ගේ ආත්මය නිවස පුරා සැරි සරන්න ගන්නවා. ඒක පටන් ගන්නේ පොඩි පොඩි ශබ්ද වලින්. එත් ටිකෙන් ටික ඒක වර්ධනය වෙනවා. දවස් එකින් එක ගතවෙනවා. එක පාරටම බී තම දෙමව්පියන්ගෙන් බෝනික්කෙකුට ආවේස වෙන්න අවසර ඉල්ලනවා. එහෙම වුනොත් ඇයට දෙමව්පියන් ඉදිරියට එන්න පුළුවන් කියලා ඇය කියනවා. බීව දැකීමට තියන අසීමිත ආසාව නිසා මූලින්ස් යුවල ඒකට කැමති වෙනවා. අවසානයේ ඔවුන්ට ඔනිවුන දේ ලැබෙනවා එත් ටිකෙන් ටික තත්වය දරැණු වෙන්න ගන්නවා.ඇනබෙල් නපුරැ දේවල් කරන්න ගන්නවා. මුලින්ස් යුවලට තේරැම් යනවා ඒ ඉන්නේ පරණ හුරතල් ඇනබෙල්ම නෙමෙයි කියලා. තත්වය හුගාක් භයානක වෙනවත් එක්කම. මූලින්ස් යුවල.පල්ලියේ පූජකයන්ගේ උපකාරයෙන් ඒ වියරැ වැටුනු බෝනික්කව ඇනබෙල්ගේ ආත්මයත් එක්කම දැඩි රැකවරණය යටතේ රහස් කුටියක සදහටම හංගලා දානවා.වසර 12ක් නිහඩව ගතවෙනවා. මූලින්ස් පව්ල තීරනය කරනවා. ගෙදර තියන තනිකම පාළුව මැකිලා යන්නත් එක්ක කන්න්‍යා රාමයක හැදී වැඩුනු අනාථවුන ළමයි පිරිසකට නවාතැන් දෙන්න. ඔවුන් සමග කන්‍යා සොයුරියක්ද මූලින්ස් නිවසට පැමිනෙනවා. පළවෙනි දවස ඔවුන් සතුටින් ගත කරනවා. මේ පිරිස අතර ඉන්නවා එක විශේෂිත ළමයෙක්. ඒ තමයි ජේනිස්. ජේනිස්ට පුංචිකාලෙදිම වැලදුන රෝගයක් නිසා එක කකුලක් පණ නැති වෙලා තියෙන්නේ. ඉතින් කාටවත් නොදැනෙන්න මේ ළමයව පාවිච්චි කරලා ඇනබෙල් අර රහස් කුටියෙන් එළියට එනවා. එතනින් තමයි හැම දෙයක්ම පටන් ගන්නේ.........